කුරුලෑවලට ප්‍රතිකාරයක් කියන්න

වෛද්‍යතුමනි, මම පැහැපත් සමක් හිමි වයස අවුරුදු 24 යුවතියකි. මාගේ ගැටලුව නම් මාගේ මුහුණපුරා පවතින කුරුලෑය. එයට ප්‍රතිකාරයක් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

කුරුලෑ පවතින තැන් නිතර ඇල්ලීම හා ඒවා කැඩීම නොකල යුතුය. ඊට අමතරව මුහුණ හැමවිටම පිරිසිදුව තබාගත යුතුය.

* දිනපතා උදේ සහ සවස මුහුණ සෝදන වතුරට දෙහි බිංදු 8 පමණ දමා මුහුණ සේදීම කරන්න.

තවද පහත සඳහන් ප්‍රතිකාර සතියකට දින 3ක් කළ යුතුය.

* වෙනිවැල්ගැට කුඩු, කොත්තමල්ලි කුඩු, වද කහ කුඩු සමව ගෙන ජලය සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.

* කලාදුරු අල කුඩු, සතකුප්ප කුඩු සමව ගෙන මී පැණි සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කර පැය 1/2පමණ පසු සෝදා ඉවත් කරන්න.

* කොත්තමල්ලි ඇල් ජලයෙන් අඹරා ආලේප කරන්න.

* කලාදුරු අල කුඩු මී පැණි සමඟ ආලේප කරන්න.

Comments