මිනිසා කාර්ය බහුලවීමත් සමඟ සිය ජීවන රටාව ද බොහෝ සෙයින් වෙනස් කරගෙන ඇත.
වෙනස්වන ජීවන රටාවට ගැලපෙන පරිදි තම දෛනික ආහාර වේල වෙනස්කර ගැනීම නිසා, මිනිසාගේ ගලනාලය, ආමාශය, උදරය ඇතුළු ආහාර ජීර්ණයට සම්බන්ධ ඉන්ද්‍රියන්ට සිදුව ඇත්තේ දැඩි බලපෑමකි.
ක්‍ෂණික ආහාර රටාවන්ට හුරුවීම නිසා කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා ආහාර ජීරණ පද්ධතිය සම්බන්ධ රෝගවලින් පීඩා විඳීති.
ආහාර ජීරණ පද්ධතියට සම්බන්ධ ගලනාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ආහාර ආමාශයට ඇතුල් කිරීමේ ප්‍රධානම කාර්යය සිදුවන්නේ ද ගලනාලය හරහාය.
අද සමාජයේ බොහෝ දෙනා අතර පවතින ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය නිසා, ගලනාලයට සිදුවන හානිය ඔබට මරණය පවා ගෙනදෙන්නක් විය හැකිය.
මේ නිසා ගලනාලයේ රෝගී තත්ත්ව හඳුගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සිදු කරන එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණය සම්බන්ධයෙන් මෙවර ඔබ දැනුවත් කරන්නේ කොළඹ ජාතික රෝහලේ ආමාශයික සහ ආන්තික රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහතායි.
මේ පරීක්ෂණය ගලනාලයේ පවතින රෝගී තත්ත්වයන් සොයා ගැනීම සඳහා සිදුකරන්නක්. මේ රෝගියාගේ ගැස්ට්‍රයිටීස් තත්ත්වයක් නිසා තමයි එන්ඩොස්කොපි පරීක්ෂණය කරන්න තීරණය කළේ.
අප ගන්නා ආහාර ගලනාලය හරහා ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත්, ආමාශය සහ බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා.
අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී, ආහාර ගලා යාමක් සිදුවෙනවා. ආහාර ගැනීමේ කාර්ය නිමවූ පසු, මේ කපාට වැසෙනවා. කපාට වැසී නොගියහොත් ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝ්රික් අම්ලය සහ පිත ආපස්සට ගමන් කරනවා. මේ නිසා ගලනාලය තුවාල වී ආසාධන තත්ත්වයක් ඇතිවීම ගැස්ට්‍රයිටීස් ලෙස හඳුන්වනවා.
ගලනාලයේ පිහිටා ඇති ශ්ලේෂ්ම පටල, අම්ල සහ පිතට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා ශ්ලේෂ්ම පටල තුවාල වීමක් සිදුවෙනවා. මේ තුවාල එන්ඩොස්කොපි පරීක්ෂණය මගින් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.
ගලනාලයේ සිදුකරන මේ පරීක්ෂණයෙන් ගැස්ට්‍රයිටීස් තත්ත්වයට හේතුවන ඉහත කී සාධක ගැන සොයා ගන්න පුළුවන්. ඊට අමතරව ගලනාලයේ බැක්ටීරියා ආසාධන තත්ත්වයක් නිසා ඇති වූ ප්‍රදාහයක් ද යන්න බැලීමත් කරන්න පුළුවන්.
ඒ වගේ ම ගලනාලය හීන් වීමක්, ගලනාලයේ පිළිකා තත්ත්වයක්, ආහාර ගිලීමේ අපහසුතා තිබෙනවද යන්න බලාගන්නත් මේ පරීක්ෂණය උපකාරී වෙනවා.
පරීක්ෂණයට පෙර රෝගියා පැය 06ක් නිරාහාරව සිටිය යුතුයි. ඒ මගින් ගලනාලයේ පැහැදිලි රූප ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ම පරීක්ෂණාගාරයට පැමිණීමේ දී සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම ඉතා වැදගත්.
පරීක්ෂණාගාරයේ දී රෝගියා ඇඳ මත හාන්සි කරවීමෙන් පසු, මුඛයට බාහිර දත් දමා ඇත්නම්, එම දත් ඉවත් කිරීමට උපදෙස් ලබා දෙනවා. ඉන් පසු සිදුරක් සහිත විශේෂ ප්ලාස්ටික් කැබැල්ලක් රෝගියාගේ මුඛයේ දත් අතර රැදවීම කරනවා.
මුඛයේ රඳවා ඇති ප්ලාස්ටික් කැබැල්ලේ සිදුර හරහා එන්ඩොස්කොපි බටය ගලනාලයට ඇතුල් කිරීම සිදු කරනවා. සෙන්ටිමීටර් 40ක් වෙනකන් මේ බටය ගලනාලය ඇතුළට යන්න ඕනෑ. රෝගියාගේ ආමාශය උඩට තල්ලුවීමක් සිදුවෙලා නම්, එම බටය පහළට යන්නේ නැහැ.
මේ බටය සෙන්ටිමීටර් 5න් 5ට අංකනය කරලයි තියෙන්නේ. සමහර රෝගීන්ගේ මේ බටය සෙන්ටි මීටර් 5දී නවතිනවා. ඒ කියන්නේ ඒ රෝගියාගේ ආමාශය සෙන්ටි මීටර් 5ක් ඉහළට ඇවිත් කියන එකයි.
රෝගියාගේ ඉදිරි පස දත්වල ඉඳල තමයි අපි ගණන් ගැනීම කරන්නේ. ආමාශය ඉහළට ඒම සිදුවෙලා නම්, සැත්කම් පවා සිදු කරන්න වෙනවා.
ආමාශය සෙන්ටිමීටර් 5ක් වගේ ඉහළට ඇවිත් නම්, ඇඳ ඉහළට තබාගෙන නිදා ගැනීම, ස්ථූලභාවය අඩුකර ගැනීම, ව්‍යායාම් කිරීම මඟින් නැවත සකස් කර ගන්න පුළුවන්.
උපදෙස්
කොළඹ ජාතික රෝහලේ
ආමාශයික සහ ආන්තික රෝග පිළිබද ශල්‍ය වෛද්‍ය
රනිල් ජයසේන
මේ රෝගියාගේ ගලනාලයේ පැහැදිලි දර්ශන ලබා ගත්තා. ගලනාලයේ තැනින් තැන කුඩා තුවාල තිබෙන බව එහි දී පෙනී ගියා. මේ රෝගියා ප්‍රතිශක්තිකරණය අඩු කෙනෙක්. ගලනාලයේ තැනින් තැන සීරීම් තිබුණා.
ආමාශයෙන් ග්‍රහණියට ඇරෙන කපාටය වැහෙන්නෙ නැහැ. ඒක ඇරිලමයි තියෙන්නෙ. ග්‍රහණියෙන් විෂබීජයක් ගිහිල්ලා තිබුණා.
ඒ නිසා කපාටය අක්‍රියතාවයට පත්වෙලා. මේ රෝගියාගේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය පරීක්ෂා කිරීමටයි එන්ඩොස්කොපි එක කළේ. ඒත් ගැස්ට්‍රයිටීස් තත්ත්වයට අමතරව තවත් රෝගී තත්ත්ව අපි හඳුනා ගත්තා.
රෝගියාගේ උදර කුහරයේ ඉහළ කොටසේ තද කැක්කුමක් තිබුණා. අපි අල්ලන විටත් කැක්කුම වැඩි බවයි රෝගියා පැවසුවේ. ඒ නිසා අපට අවශ්‍ය වුණා මේ තත්ත්වය හඳුනාගන්න.
පිත්ත නාලයේ අවහිරවීම සිදුව ඇත්තේ ආමාශයේ ඇති රෝගී තත්ත්වය පැතිරීම නිසා වෙන්න පුළුවන්.
ඒත් මේ කැක්කුමට හේතුව පිත ආපස්සට ඒම නිසා ඇතිවුණු සීරීම් සහිත තුවාලයි. මේ රෝගියාට සැත්කමක් සිදුකළ යුතුයි. එතෙක් ආමාශයේ රෝග තත්ත්වයට බෙහෙත් දෙනවා.
රෝග හඳුනා ගැනීමට පමණක් නෙවෙයි, ප්‍රතිකාර කිරීමටත් එන්ඩොස්කොපි යොදාගන්න පුළුවන්. ප්‍රතිකාරවලින් පසු එහි තත්ත්වය පරීක්ෂා කරන්නත් එන්ඩොස්කොපි ප්‍රයෝජනවත් වෙනවා.
එන්ඩොස්කොපි බටය ඇතුළේ බයිස්සිපෝසස් නාල තියෙනවා. ඒ මගින් පටක කොටස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එම පටක කොටස් ගෙන අවශ්‍ය පරීක්ෂණ කිරීමට හැකියි.
ගලනාලයේ හීන් වීමක් සිදුවෙලා නම්, මේ මගින් ස්ටෙන්්ට් දැමීම කරන්නත් පුළුවන්.

Comments
Post a Comment