ඔබේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් B

විටමින් (Vitamin) B  වර්ග ගණනාවකින් යුක්තය.

කිරි
ඒවා වනාහි B 1, B 2, B 6, B 12 නියැසින් (niacin) ෆෝලික් අම්ලය (folic acid) බයෝටින් (Biotin) සහ

පැන්තොතෙනික් අම්ලය (pantothenic acid) යි.

විටමින් B ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලියට (metabolism) සෘජු ලෙස රුකුලක් දක්වයි.

 (metabolism) පරිවෘත්තිය ක්‍රියාව යනු ශරීරයේ ශක්තිය නැතහොත් බලය නිපදවීම හා එම නිපදවූ බලය අවශ්‍ය වන විට ශරීරයට ලබා දීමයි.

මේ විටමින් වර්ගය ශරීරයේ රතු රුධිරාණු (Red blood cells) ලෙස හැඳින්වෙන ඔක්සිජන් (Oxygen) ගෙන යන සෛල නිපදවීමට උපකාරී වේ.

ඔබේ මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් (Oxygen) අවශ්‍ය වන බැවින් විටමින් B සිරුරට අත්‍යවශ්‍ය විටමිනයකි.

Comments